
වැසි සමඟ නායයෑම් අවදානම ගැන අනතුරු ඇඟවීමක්
වැසි තත්ත්වයත් සමඟ නායයෑම් අවදානමක් පවතින බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි පවතින බවයි.
එමෙන්ම මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් නිකුත් කර ඇති බවද ඔහු පැවසීය.
මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ හේතුවෙන් පවතින වැසි තත්ත්වය පිළිබඳව මෙන්ම නායයෑම් සිදුවිය හැකි ලක්ෂණ සම්බන්ධයෙන්ද ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ප්‍රදේශයේ ගස් හෝ විදුලි කණු ඇලවීම, පොළොවේ ඉරිතැලීම් ඇතිවීම, අසාමාන්‍ය ලෙස මඩ සහිත දිය උල්පත් මතුවීම සහ දැනට පවතින දිය උල්පත් සිඳී යාම වැනි ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
එවැනි නායයෑම් ලක්ෂණ දක්නට ලැබුණු වහාම අදාළ අවදානම් ප්‍රදේශවලින් තාවකාලිකව ඉවත් වීම ඉතා වැදගත් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.



