
ඥානසාර හිමිට දුන් ජනාධිපති සමාව බලරහිතයි
ඥානසාර හිමිට දුන් ජනාධිපති සමාව නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් විඳිමින් සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් පොදු සමාව සම්බන්ධයෙන් මෙම තීන්දුව ලබාදී ඇත.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුවය.
ඥානසාර හිමිට දුන් ජනාධිපති සමාව සම්බන්ධ පසුබිම
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට 2018 වසරේදී අභියාචනාධිකරණය විසින් වසර හයක සිරදඬුවමක් නියම කර තිබුණි.
කෙසේ වෙතත්, එම සිරදඬුවමෙන් ඥානසාර හිමියන් නිදහස් කරමින් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොදු සමාවක් ලබාදී තිබුණි.
එම ජනාධිපති සමාව නීත්‍යානුකූල නොවන බවට ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය එය බලරහිත බවට තීන්දුව ලබාදී තිබේ.



