
GOV PAY ව්‍යාජ වෙබ් අඩවියක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
රථවාහන වැරදි සඳහා දඩ මුදල් අන්තර්ජාලය ඔස්සේ ගෙවීමට හඳුන්වාදී ඇති GOV PAY ක්‍රමවේදයට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින් ජනතාවගේ මුදල් සහ සංවේදී දත්ත සොරාගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.
GOV PAY හරහා රථවාහන දඩ මුදල් ගෙවීම සඳහා වෙනත් කිසිදු වෙබ් අඩවියක් නොමැති බවත්, එවැනි ව්‍යාජ වෙබ් අඩවි වෙත පිවිසීමෙන් වළකින ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජනතාවගේ පහසුව සැලසීම සහ මුදල් වංචා අවම කිරීමේ අරමුණින් රථවාහන වැරදි සඳහා දඩ මුදල් GOV PAY ක්‍රමවේදය ඔස්සේ ගෙවීම මේ වසර මුලදී හඳුන්වා දෙන ලදී.
කෙසේවෙතත්, එම ක්‍රමවේදයට සමාන GOV PAY ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ඇති අතර, එහි සබැඳි කෙටි පණිවුඩ සහ WhatsApp පණිවුඩ ලෙස ජනතාවගේ ජංගම දුරකථන වෙත යොමු කරමින් මෙම වංචාව සිදුකරන බව අනාවරණය වී තිබේ.
එම සබැඳි හරහා ජනතාවගෙන් සංවේදී තොරතුරු ලබාගැනීම මෙන්ම මුදල් සොරාගැනීම ද සිදුවිය හැකි බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව, GOV PAY හරහා දඩ මුදල් ගෙවීම සඳහා කිසිදු වෙනත් වෙබ් අඩවියක් නොමැති බැවින්, එවැනි සබැඳි වෙත පිවිසීමෙන් වළකින ලෙස රථවාහන නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා ජනතාවට දැනුම් දී තිබේ.



