ප්‍රධාන පුවත්

තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහි පෙත්සම් විභාගය අවසන්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කර ඇති බව වාර්ත වේ. 

 

මෙම නඩුකරවලට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කර තිබූ දිවුරුම් පෙත්සමක අන්තර්ගත කරුණු පදනම් කරගෙන පෙත්සම්කාර පාර්ශවයේ ද එකඟතාවය ඇතිව පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණය තීරණය කර ඇත.

 

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් කැඳවා තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button