
අද විශේෂ
තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර (Passport) නිකුත් කිරීමේ සේවාව තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, පද්ධතියේ ගැටලුවක් මතුවීම හේතුවෙන් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීම සහ සම්බන්ධ සේවාවන් තාවකාලිකව නවතා දමා ඇති බවයි.
කෙසේ වෙතත්, පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර ඇත.
පද්ධතිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වූ වහාම ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් සාමාන්‍ය පරිදි නැවත ආරම්භ කරන බවද දැනුම් දී තිබේ



