
උණුසුම් පුවත්
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජයගනිමින් ඉතිහාසගත වෙයි
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජයගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්ව ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව තිබේ.
එහිදී මීටර් 89.04ක දුරක් හෙල්ල විසිකරමින් පළමු ස්ථානය තහවුරු කරගත් රුමේෂ් තරංග, ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් ජයගත් පළමු සහ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්විය.
මෙරට වේලාවෙන් අද (06) අලුයම අවසන් වූ තරගයේ දෙවැනි ස්ථානය පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර්ට හිමිවූ අතර ඔහු මීටර් 87.47ක දක්ෂතාවක් වාර්තා කළේය.
තෙවැනි ස්ථානය හිමිවූයේ ට්‍රිනිඩැඩ් සහ ටොබැගෝ රාජ්‍යයේ කෙෂූ වෝල්කට්ටය. ඔහු මීටර් 83.99ක දුරක් හෙල්ල විසිකරමින් එම ස්ථානය හිමිකර ගත්තේය.



