
උණුසුම් පුවත්
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් බස් ලලිත් දිවයිනට
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී ඇති ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ අද (25) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු මෙරටට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.
ඩුබායි ආරක්ෂක අංශ විසින් පසුගියදා අත්අඩංගුවට ගත් ‘බස් ලලිත්’ට මනුෂ්‍ය ඝාතන, විවිධ අපරාධ සහ කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති බව වාර්තා වේ.
කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර තිබූ බව සඳහන් වේ.
මෙරටට රැගෙන ආ සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.



