
කිලෝමීටර් 5000කට වරක් බස් රථ තත්ත්ව පරීක්ෂාව අනිවාර්යයි
මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් සියලුම මගී ප්‍රවාහන බස් රථ කිලෝමීටර් 5000ක් ධාවනය කළ සෑම අවස්ථාවකදීම බස් රථ තත්ත්ව පරීක්ෂාවකට යොමු කිරීම අනිවාර්ය කරමින් නව නීතියක් හඳුන්වා දී තිබේ.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ, මෙම ක්‍රියාමාර්ගයට අදාළ ගැසට් නිවේදනය මේ වන විටත් නිකුත් කර ඇති බවයි.
එමෙන්ම වාහන තත්ත්ව පරීක්ෂාව සිදු කිරීම සඳහා අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන අතර, එම ක්‍රියාවලිය අවසන් වූ පසු නව නීතිය බස් රථ සඳහා මුලින්ම මාස තුනක නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.
පසුගිය කාලයේ වාර්තා වූ මාර්ග අනතුරු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී රියදුරන්ගේ නොසැලකිලිමත්කම මෙන්ම වාහනවල යාන්ත්‍රික දෝෂද ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
බස් රථ සඳහා නියමු වැඩසටහන සාර්ථකව අවසන් වූ පසු, එම බස් රථ තත්ත්ව පරීක්ෂාව නීතිය සියලුම වාහන සඳහා ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වැඩිදුරටත් සඳහන් කළේය.



