
බදුල්ල ශික්ෂණ රෝහලේ සේවයේ නිරත නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
බදුල්ල රෝහලේ වෛද්‍යවරයා ඊයේ (23) උදෑසන රාජකාරියේ නිරතව සිට ඇති අතර, ඉන් අනතුරුව ඔහු පිළිබඳ තොරතුරක් නොමැති බවට වාර්තා වී තිබේ.
වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේදී ඔහුගේ මෝටර් රථය මහියංගනය දෙසට ධාවනය වන අයුරු මීගහකිවුල ප්‍රදේශයේ CCTV කැමරාවක සටහන්ව තිබී ඇත.
පසුව සිදුකළ පරීක්ෂණවලදී එම මෝටර් රථය බදුල්ල – මහියංගනය මාර්ගයේ 17 කණුව, මාපාකඩවැව ප්‍රදේශයේ තිබියදී ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබේ.
අතුරුදන්ව සිටින වෛද්‍යවරයා සොයා අද (24) දිනයේදී පොලීසිය, අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ යුද හමුදාව එක්ව එම ප්‍රදේශයේ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදුකිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.



