ප්‍රධාන පුවත්

‘ සමිට්පුර චතූ ’ගෙන් තවත් ගිනිඅවි ගැන තොරතුරු

‘ සමිට්පුර චතූ ’ ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් තවත් ගිනිඅවියක් හමුවෙයි

රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින දිමුතු චතුරංග හෙවත් ‘සමිට්පුර චතූ’ නමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

එම තොරතුරු මත සිදුකළ විමර්ශනයකදී වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පාළු නිවසක සූක්ෂම ලෙස සඟවා තිබූ බවට සැකකෙරෙන රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් ඊයේ (21) සොයාගෙන ඇත.

එය මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් බවට සැකකරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

28 හැවිරිදි සැකකරු ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඕමානයේ සැඟව සිටියදී අත්අඩංගුවට පත්ව ඇති අතර, පසුව පසුගිය 18 වැනිදා ඔහු දිවයිනට රැගෙනවිත් තිබේ.

ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි.

මීට පෙර සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීද විදේශයක සිට මෙරටට රැගෙන එන ලද බවට සැකකෙරෙන රිවෝල්වරයක් සහ සජීවී පතරොම් 12ක් මට්ටක්කුලිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button