
ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අදයි
අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (22) පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
පාරම්පරික සංස්කෘතික චාරිත්‍රවලට අනුව පස්වරු 6.28ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාව බලා පෙරහැර ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ අසල සඳකඩපහණ වෙත පෙරහැර කරඬුව සහිත මංගල හස්තියා පා තබන අවස්ථාවේදී පෙරහැරේ ගමන් ආරම්භ කෙරෙනු ඇත.
දළදා මාලිගා පරිශ්‍රයේ මහමළුවෙන් පිටත්වන පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර යළි දළදා මාලිගා පරිශ්‍රයට පැමිණීමට නියමිතය.
ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර පෙරටු කරගනිමින් නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සතර මහා දේවාලයන්හි පෙරහැරවල්ද අද පෙරහැරට එක්වීමට නියමිතව තිබේ.
මේ අතර සිව්වන කුඹල් පෙරහැර ඊයේ (21) පස්වරු 6.40ට යෙදී තිබූ සුබ නැකතින් ආරම්භ වී ශ්‍රී දළදා වීදිය සහ ඊ.එල්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළට ගමන් කිරීමෙන් අනතුරුව යළි දළදා මාලිගාව වෙත පැමිණියේය.
එම පෙරහැරේදී සධාතුක කරඬු වහන්සේ වැඩම කරවීම ‘පුලතිසි රාජා’ හස්තියා විසින් සිදුකරනු ලැබීය.



