
ප්රධාන පුවත්
හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද අධිකරණයට
හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ මෙම නඩුව ගොනුකර ඇත.
රාජ්ය මුදල් අවභාවිත කළ බවට සැකපිට අදාළ නඩුව පවරා ඇති අතර, සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි.
එම විමර්ශනවලට අදාළ උද්ධෘත ද නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.
ඒ අනුව නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දීම සඳහා අද දිනයේ නඩුව කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා මීට පෙර නියම කර තිබුණි.



