ප්‍රධාන පුවත්

ජාත්‍යන්තර මට්ටමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන යා යුතුයි – ජනාධිපති ලේකම්

වෙනත් දියුණු රටවල දේශීය ආදායම් දෙපාර්තමේන්තු පවතින මට්ටමට ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ද දියුණු කළ යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි.

උපයන විට අයකෙරෙන බද්ද හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටින බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා, එම තත්ත්වය කඩිනමින් නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව සඳහන් කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) කොළඹදී පැවති උත්සවයකට එක්වෙමිනි.

දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 21 වැනි මහ සමුළුව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ආර්.පී.එච්. ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button