උණුසුම් පුවත්

පොලිස් නිෂ්කාශන සහතික නිකුත් කිරීම තාවකාලිකව නවතී

පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරන නිෂ්කාශන සහතික සම්බන්ධ දත්ත පද්ධතිය අක්‍රිය වීම හේතුවෙන් එම සහතික සඳහා අයදුම්පත් භාරගැනීම තාවකාලිකව නතර කර තිබේ.

බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැඟිල්ලේ 17 වන මහලේ පිහිටි නිෂ්කාශන අංශය මගින් මෙම සහතික නිකුත් කෙරෙන අතර, අයදුම්පත් භාරගැනීම, වාර්තා කැඳවීම සහ සහතික මුද්‍රණය දත්ත පද්ධතියක් ඔස්සේ සිදුකරනු ලබයි.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, අදාළ දත්ත පද්ධතිය ඊයේ (20) දහවල් 12.50 සිට අක්‍රිය වී ඇති බවයි.

පද්ධතිය යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දැනුවත් කර ඇති අතර, මේ වනවිට අවශ්‍ය තාක්ෂණික පියවර ගනිමින් පවතින බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව පද්ධතිය යථාවත් කරන තෙක් නිෂ්කාශන සහතික සඳහා අයදුම් නොකරන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

දත්ත පද්ධතිය යථාවත් කළ පසු නිෂ්කාශන සහතික සඳහා අයදුම්පත් නැවත ඉදිරිපත් කළ හැකි බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button