
ව්‍යාජ ආයුර්වේද ආයතන සහ වෛද්‍යවරුන් ගැන ආයුර්වේද වෛද්‍ය සභාවෙන් නිවේදනයක්
විවිධ පුද්ගලයන් විසින් තම ආයතන සඳහා “ආයුර්වේද වෛද්‍ය සභාව” ලෙස අර්ථ ගත කළ හැකි නාමයන් භාවිත කරමින් කටයුතු කරමින් සිටින බව ආයුර්වේද වෛද්‍ය සභාව අනාවරණය කරයි.
එම සභාව නිකුත් කළ නිවේදනයක් අනුව, ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරුන් ලෙස සුදුසුකම් නොමැති පුද්ගලයන් ලියාපදිංචි කරන බවට, දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන බවට, සායන හා අධ්‍යාපන ආයතන ක්‍රියාත්මක කරන බවට සහ එමඟින් කූඨ ලෙස මුදල් ඉපයීමේ ක්‍රියාකාරකම් සිදුකරන බවට වාර්තා වී තිබේ.
ආයුර්වේද, සිද්ධ, යුනානි සහ දේශීය චිකිත්සා ක්රමයන්හි වෛද්‍යවරුන්ට නීතිමය බලය ලබාදෙන එකම ආයතනය ආයුර්වේද වෛද්‍ය සභාව බව එම නිවේදනයේ අවධාරණය කර ඇත.
එබැවින් ආයුර්වේද හෝ දේශීය ප්‍රතිකාර ලබාගැනීමට පෙර, අදාළ වෛද්‍යවරයා නීත්‍යානුකූලව ලියාපදිංචි වෛද්‍යවරයෙකුද යන්න ආයුර්වේද වෛද්‍ය සභාව හරහා සනාථ කරගත හැකි බවද එම සභාව සඳහන් කරයි.
තවද, ආයුර්වේද, පාරම්පරික හෝ දේශීය වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් ප්‍රතිකාර කරන සැකසහිත පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලැබේ නම් ඒ පිළිබඳව ආයුර්වේද වෛද්‍ය සභාවට දැනුම් දෙන ලෙසද සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා ඇත.
මෙලෙස ව්‍යාජ ලෙස ක්‍රියාත්මක වන ආයතන, සංවිධාන හෝ පුද්ගලයන්ට එරෙහිව 2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධන) පනතෙන් සංශෝධිත 1961 අංක 31 දරන ආයුර්වේද පනත අනුව නීතිමය පියවර ගනු ලබන බවද එම සභාව වැඩිදුරටත් පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් 0112 844 9666 දුරකථන අංකය අමතන ලෙසද ආයුර්වේද වෛද්‍ය සභාව ජනතාවට දැනුම් දී ඇත.



