ප්‍රධාන පුවත්

Online ආදායම්වලට 15%ක බද්දක්

Online ආදායම් උපයන අයට 15%ක බද්දක්

2025/2026 තක්සේරු වර්ෂයේ සිට සේවා අපනයනය හරහා උපයන ආදායම බද්දට යටත් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, ඩිජිටල් මාධ්‍ය ඇතුළු විවිධ ක්‍රමවේද ඔස්සේ සේවා අපනයනයෙන් උපයන ආදායම සඳහා සාමාන්‍ය ආදායම් බදු අනුපාත වන සියයට 18, 24, 30 සහ 36 වෙනුවට උපරිම වශයෙන් සියයට 15ක බද්දක් පමණක් අදාළ වන බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් හිරාන් මෙනේරිපිටිය මහතා සඳහන් කළේය.

රූපවාහිනි නාලිකාව පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වාදී ඇත්තේ  ඩිජිටල් මාධ්‍ය හෝ වෙනත් ක්‍රමවේද ඔස්සේ සේවා අපනයනය කරමින් ආදායම් උපයන පුද්ගලයින් ඒ සඳහා අදාළ බදු වගකීම නිසි පරිදි ඉටු කළ යුතු බවයි.

ඒ අනුව, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ආදායම් උපයන පුද්ගලයින් තමන් උපයන ආදායම ස්වතක්සේරු බදු වාර්තාව හරහා නිසි පරිදි ඉදිරිපත් කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

සාමාන්‍ය ආදායම් මත අය කෙරෙන බදු අනුපාතවලට සාපේක්ෂව සේවා අපනයනයෙන් උපයන ආදායම සඳහා අදාළ වන්නේ අඩු බදු අනුපාතයක් බවද හිරාන් මෙනේරිපිටිය මහතා සඳහන් කළේය.

එමෙන්ම, සේවා අපනයනය හරහා ආදායම් උපයන පුද්ගලයින්ට අදාළ වන සියයට 15ක බද්ද ගෙවීම ඔවුන්ගේ වගකීමක් බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් හිරාන් මෙනේරිපිටිය මහතා,

“2025 – 2026 තක්සේරු වර්ෂයේ ඉඳලා සේවා අපනයනය මත උපනය ආදායම බද්දට යටත් වෙනවා, හැබැයි ඒක සාමන්‍ය අනුප්‍රමාණය යටතේ සීයයට 18, 24, 30, 36 දක්වා අනුපාතයට බද්දට යටත් වෙන්නේ නැහැ. ඩිජිටල් මාධ්‍යයෙන් හෝ වෙනත් ආකාරවලින් සේවා අපනයනය මත උපයන ආදායම මේ වෙනකොට උපරිම 15% බද්දට යටත් වෙන්නේ හැබැයි දැන් ඩිජිටල් මාධ්‍යයෙන් ආදායම් උපයන අය ඇත්තටම ඒ අයට වගකීමක් තියෙනව. ඒ ආකාරයෙන් උපන ආදායම ඒ අයගගේ ස්වතක්සේරු බදු වාර්තාව හරහා ඉදිරිපත් කරලා, ඒ අයට අනික් අයට සාපෙක්ෂව අඩු බදු ප්‍රමාණයක් තියෙන්නේ ඒ 15%ක බදු ප්‍රමාණය ගෙවීමේ වගකීම ඩිජිටල් මාධ්‍යය ක්‍රමවේදයන් හරහා ආදායම් උපයන අයට අදාළ වෙනවා. සහ ඒ අය ඒ සබන්ධයෙන් බදු ගෙවීමට බැඳී සිටිනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button