උණුසුම් පුවත්

නායයෑම් අවදානම ගැන ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම්

නායයෑම් අනතුරු ඇඟවීම පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව ප්‍රදේශ කිහිපයක් සඳහා රතු නිවේදන නිකුත් කර ඇති අතර, තවත් ප්‍රදේශ ගණනාවක ජනතාවට අවධානයෙන් සහ විමසිල්ලෙන් සිටින ලෙස දැනුම් දී ඇත.

මෙම නායයෑම් අනතුරු ඇඟවීම අද (24) පස්වරු 5.00 සිට හෙට (25) පස්වරු 5.00 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව රතු නිවේදන, අවධානයෙන් සිටිය යුතු ප්‍රදේශ සහ විමසිලිමත්ව සිටිය යුතු ප්‍රදේශ පහත පරිදි වේ.

රතු නිවේදන නිකුත් කළ ප්‍රදේශ

ගාල්ල දිස්ත්‍රික්කය: තවලම, නාගොඩ, නෙළුව, නියාගම

මහනුවර දිස්ත්‍රික්කය: පස්බාගේ කෝරලේ, උඩපලාත, ගඟ ඉහළ කෝරලේ, දොළුව

නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව, නෝර්වුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර

අවධානයෙන් සිටිය යුතු ප්‍රදේශ

ගාල්ල දිස්ත්‍රික්කය: කරන්දෙණිය, ඇල්පිටිය, බද්දේගම

හම්බන්තොට දිස්ත්‍රික්කය: කටුවන, වලස්මුල්ල

කළුතර දිස්ත්‍රික්කය: වලල්ලාවිට

මහනුවර දිස්ත්‍රික්කය: දෙල්තොට, පන්විල, යටිනුවර, ගඟවට කෝරලේ, උඩුනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය: දැරණියගල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට, අරණායක

නුවරඑළිය දිස්ත්‍රික්කය: තලවකැලේ

රත්නපුර දිස්ත්‍රික්කය: රත්නපුර

මාතර දිස්ත්‍රික්කය: කොටපොල, පස්ගොඩ, පිටබැද්දර

විමසිලිමත්ව සිටිය යුතු ප්‍රදේශ

කොළඹ දිස්ත්‍රික්කය: සීතාවක, පාදුක්ක

ගම්පහ දිස්ත්‍රික්කය: අත්තනගල්ල, මීරිගම

කෑගල්ල දිස්ත්‍රික්කය: වරකාපොළ, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල

මහනුවර දිස්ත්‍රික්කය: පාතහේවාහැට, උඩුදුම්බර, මැදදුම්බර, කුණ්ඩසාලේ, පාතදුම්බර, තුම්පනේ, පූජාපිටිය, අකුරණ, හතරලියද්ද, හාරිස්පත්තුව

කුරුණෑගල දිස්ත්‍රික්කය: අලව්ව, මාවතගම, පොල්ගහවෙල, මල්ලවපිටිය

කළුතර දිස්ත්‍රික්කය: ඉංගිරිය, බුලත්සිංහල

මාතර දිස්ත්‍රික්කය: අකුරැස්ස

රත්නපුර දිස්ත්‍රික්කය: කලවාන, ඇලපාත, අයගම, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button