උණුසුම් පුවත්

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අද (13) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

ඔහු මෙලෙස කොමිසම වෙත පැමිණ ඇත්තේ, කථානායකවරයා විසින් සිදුකළ බව කියන වාහන සහ නිල නිවාස අවභාවිතයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

චමින්ද කුලරත්න මහතා ඇතුළු පාර්ශ්වයක් විසින් සිදුකර ඇති එම පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වනවිට අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව, අදාළ විමර්ශනයට අවශ්‍ය ප්‍රකාශයක් ලබාගැනීම සඳහා චමින්ද කුලරත්න මහතා අද කොමිසම වෙත කැඳවා තිබූ බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button