ප්‍රධාන පුවත්

වැට් බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්

2026 වසරේ ජූලි මාසයට අදාළ වැට් බදු ගෙවීම අගෝස්තු 20 වනදාට පෙර සිදුකළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

නියමිත දිනයට බදු ගෙවීම සිදු නොකිරීම හෝ ප්‍රමාද වී ගෙවීම සඳහා දඩ පැනවීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

චෙක්පතකින්, බැංකු අණකරයකින් හෝ ගෙවීම් ඇණවුමකින් සිදුකරන ගෙවීමක් නියමිත දිනයෙන් පසුව ලැබුණහොත් එයද ප්‍රමාද ගෙවීමක් ලෙස සලකන බව සඳහන් වේ.

මේ අතර, ජූලි මාසයට අදාළ වැට් වාර්තා අගෝස්තු 31 වනදාට හෝ ඊට පෙර මාර්ගගත ක්‍රමය ඔස්සේ භාරදිය යුතු බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එමෙන්ම රඳවාගත් බදු අගෝස්තු 15 වනදාට හෝ ඊට පෙර ගෙවන ලෙස බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටියි.

තවද, ජූලි මාසයට අදාළ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අගෝස්තු 20 වනදාට හෝ ඊට පෙර ගෙවිය යුතු බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිහිපත් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button