ප්‍රධාන පුවත්

මාස 7ක විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 5,382යි

විදෙස් ප්‍රේෂණ ලෙස මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා මාස 7ක කාලය තුළ මෙරටට ලැබී ඇති සමස්ත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 5,382.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව, පසුගිය වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ මෙරටට ලැබී තිබූ සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 4,435.2ක් විය.

ඒ අනුව පසුගිය වසරේ මුල් මාස 7ට සාපේක්ෂව මෙම වසරේ එම කාලය තුළ ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 947.2කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර, ජූලි මාසය තුළ පමණක් මෙරටට ලැබුණු සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 777.6ක් ලෙස වාර්තා වී ඇත.

එය ජුනි මාසයේදී ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 697.3ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය සමඟ සැසඳීමේදී ඉහළ යාමකි.

ඒ අනුව ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී විදෙස් ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 80.3කින් වර්ධනය වී ඇති අතර, ජූලි මාසය සඳහා ඩොලර් මිලියන 777.6ක මුදලක් වාර්තා වී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button