කාලගුණය

වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

ඉදිරි මාස දෙක තුළ දිවයිනේ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වියළි කාලගුණය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළඟේ වේගය අඩුවීම හේතුවෙන් සිරුරට දැනෙන උෂ්ණත්වය තවදුරටත් ඉහළ යා හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වනවිට පවතින වියළි කාලගුණය හේතුවෙන් අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජලාශ සිඳී යාමත් සමඟ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක සිරුරට දැනෙන උණුසුම ඉහළ ගොස් ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොතුවිල් යන ප්‍රදේශවල අද උදෑසන 6.00 වනවිටත් සෙල්සියස් අංශක 29 ඉක්මවූ උෂ්ණත්වයක් පැවති බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button