
ප්‍රධාන පුවත්
මැගසින් බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියෙකු මියයයි
මැගසින් බන්ධනාගාරයේ ඊයේ (06) රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
එම සිද්ධිය අතරතුර තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් වෙත ඇතුළත් කර තිබූ අතර, ඔවුන්ගෙන් එක් අයෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
බන්ධනාගාරයේ ඊයේ රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් අනතුරුව තුවාල ලැබූ පිරිසට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබූ බවද වාර්තා වේ.



