උණුසුම් පුවත්

විශිෂ්ටතම ගවේෂණාත්මක මාධ්‍යකරණයට හිමි සම්මානය චමුදිත සමරවික්‍රමට “Platinum Excellence Award 2026”

2026 වසරේ “Platinum Excellence Award” සම්මාන උළෙලේදී, විශිෂ්ටතම ගවේෂණාත්මක මාධ්‍යකරණය සඳහා පිරිනමන සම්මානය මහතාට හිමිව ඇත.

  රටේ මුල් පෙලේ මාධ්‍ය   නාලිකාවක ප්‍රධාන මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන ඔහු, දීර්ඝ කාලයක් පුරා සමාජයට වැදගත් කරුණු හෙළිදරව් කරමින්, ගවේෂණාත්මක මාධ්‍යකරණය ශක්තිමත් කිරීමට කළ දායකත්වය සලකා මෙම ගෞරවය ප්‍රදානය කර තිබේ.

විශේෂයෙන්ම ජනතා අවශ්‍යතා, දූෂණ හා අක්‍රමිකතා, සහ සමාජය තුළ සැඟවී ඇති ගැටළු පිළිබඳ සිදුකළ ගවේෂණාත්මක වාර්තා මාලාවන් හේතුවෙන් ඔහුට මේ සම්මානය හිමිවීම විශේෂත්වයකි.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයේ ගවේෂණාත්මක මාධ්‍යකරණය සඳහා වූ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button