උණුසුම් පුවත්

22 සංශෝධනය විශේෂ බහුතරයෙන් සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම අද (25) පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වී තිබේ.

අදාළ ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 158ක් ලැබී ඇති අතර, විපක්ෂව ඡන්ද 63ක් ලැබී ඇත.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු සිවිල් සමාජයේ විරෝධතා පළවෙමින් තිබූ පසුබිමකදී ඡන්ද විමසීම පැවැත්විණි.

මේ අතර, පනත් කෙටුම්පතේ අන්තර්ගත කරුණු අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් රැසක් ඉදිරිපත් කර තිබූ අතර, ඊට සහාය පළ කරමින් අතරමැදි පෙත්සම් ද ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පසුගිය 22 වැනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය.

එහිදී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් එය සම්මත කිරීම ප්‍රමාණවත් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ (24) සහ අද (25) දෙදින තුළ පැවැත්වීමෙන් අනතුරුව දෙවනවර කියවීම මෙලෙස සම්මත විය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button