
උණුසුම් පුවත්
22 වැනි සංශෝධන පනත් කෙටුම්පත එරෙහි පෙත්සම් විභාගය අවසන්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් පැවති විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) අවසන් කර තිබේ.
අදාළ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව, පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව අධිකරණය සඳහන් කළේය.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.



