
අධ්‍යාපන
2026 ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් 56,000ක් කඩඉම් ලකුණු ඉක්මවයි
2026 ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් 56,000ක් කඩඉම් ලකුණු ඉක්මවයි
2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 56,000 දෙනෙකු කඩඉම් ලකුණ ඉක්මවා ලකුණු ලබාගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගිය අගෝස්තු 9 වැනිදා පැවති ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 294,132 දෙනෙකු ලියාපදිංචි වී සිටි අතර, ඉන් සිසුන් 289,867 දෙනෙකු විභාගයට පෙනී සිට තිබේ.
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයට අනුව, මෙවර විභාගයේ ප්‍රතිඵල මත සිසුන් 56,000 දෙනෙකු අදාළ කඩඉම් ලකුණට වඩා වැඩි ලකුණු ලබාගැනීමට සමත්ව ඇත.



