ප්‍රධාන පුවත්

2026 මුල් මාස 3 තුළ විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 2.29 ඉක්මවයි

විදේශගත ශ්‍රමිකයින්ගේ අඛණ්ඩ සහාය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තිමත් මුදල් ප්‍රවාහයක් ලැබෙමින් පවතින අතර, 2026 වසරේ මුල් තෙමස තුළ විදෙස් ප්‍රේෂණ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.


2026 වසරේ මාර්තු මාසය තුළ ශ්‍රී ලංකාවට විදේශගත ශ්‍රමිකයින් විසින් එවා ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 814.8ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

එය 2025 වසරේ මාර්තු මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 693.3ක ප්‍රමාණය සමඟ සසඳන විට ඩොලර් මිලියන 121.5ක වර්ධනයක් ලෙස දැක්වේ.

මෙම වර්ධනය සමඟ, 2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ලැබුණු සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.29ක් බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

ඒ අනුව, පසුගිය වසරේ එම කාලය සමඟ සසඳන විට මෙම ප්‍රමාණය සියයට 26.5කින් ඉහළ ගොස් ඇති අතර, විදේශ සේවා නියුක්තිකයන්ගේ දායකත්වය මෙරට විදේශ විනිමය ආදායම්වල ප්‍රධාන ශක්තියක් ලෙස පවතින බව ද මෙම වාර්තාවෙන් පැහැදිලි වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button