ප්‍රධාන පුවත්

බේරුවල පාසල් දෙකක් අතර ගැටුමක්-සිසුන් 7ක් රෝහලට

පාසල් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් 7 දෙනෙකු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

 

මෙම ගැටුම බේරුවල අධ්‍යාපන කලාපයට අයත් වලතර මහා විද්‍යාලය හා අලුත්ගම පාදාගොඩ මහා විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් අනතුරුව ඊයේ (05) මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.

 

අලුත්ගම පාදාගොඩ විද්‍යාලයේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වූ අනෙක් පාසලේ සිසුන්ට මෙම පහරදීම සිදුව ඇති බවට මේ වන විට එම විද්‍යාලයේ ගුරුවරියක් විසින් පොලීසියට පැමිණිල්ලක්ද යොමු කර තිබේ.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදි අනාවරණය වී ඇත්තේ අදාළ පහරදීමට ප්ප්‍රදේශවාසීන්ද සම්බන්ධ වී ඇති බවටය. 

 

මේ අතර පොලීසිය පැවසුවේ එක් සිසුවෙකුගේ හිසට සිදුවූ පහරදීමක් හේතුවෙන් එම සිසුවා ශල්‍යකර්මයකටද භාජනය කිරීමට නියමිතව ඇති බවය.

අලුත්ගම පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button