ප්‍රධාන පුවත්

යූරියා පොහොර හිඟය: 2026 යල කන්නයේ වී වගාවට පමණක් බෙදාහැරීමට රජයේ තීරණයක්

මැදපෙරදිග හටගෙන ඇති යුද ගැටුම් හේතුවෙන්  මෙරට ගොවි ජනතාවට සෘජුවම බලපෑම් එල්ලවෙමින් පවතී, මේ වනවිට මසකට අදික කාලය සිට පවතින   යුදමය තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ යූරියා පොහොර තොග සීමිත වීම නිසා, එම පොහොර 2026 යල කන්නයේදී වී වගාව සඳහා පමණක් නිකුත් කිරීමට තීරණය කර තිබේ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම තීරණය යටතේ අමිශ්‍ර යූරියා පොහොර ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් වී වගාකරුවන්ට පමණක් ලබාදීමට කටයුතු කරන බවයි. ඒ පිළිබඳව දිවයින පුරා සියලු ගොවිජන සංවර්ධන නිලධාරීන්ට දැනුම් දී ඇති අතර, පොහොර නිකුත් කිරීම විධිමත් ක්‍රමවේදයකට යටත්ව සිදු කිරීමට උපදෙස් ලබා දී ඇත.

එහිදී, එක් එක් ගොවියාගේ වගා භූමි ප්‍රමාණය අනුව අවශ්‍ය පොහොර ප්‍රමාණය පමණක් නිකුත් කිරීම වැදගත් කර ඇත. තවද, කන්න රැස්වීම්වල තීරණ හෝ වී වගාව සිදුකරන බව තහවුරු කිරීමෙන් පසුව, ගොවීන්ගේ තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කර ඒ අනුව පොහොර බෙදාහැරීම සිදු කිරීමට නියමිතය.

මෙම ක්‍රියාමාර්ග හරහා පවතින පොහොර සම්පත් නිසි ලෙස කළමනාකරණය කරමින්, 2026 යල කන්නයේ වී වගා කටයුතු බාධාවකින් තොරව සිදු කර ගැනීම අරමුණ කරගෙන ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button