
ප්‍රධාන පුවත්
2026දී ආධාරක උපකරණ සඳහා රුපියල් මිලියන 21ක්
ආධාරක උපකරණ සඳහා රුපියල් මිලියන 21ක් වෙන් කිරීමට 2026 වර්ෂය සඳහා පියවර ගෙන තිබේ. ආබාධ සහිත පුද්ගලයන්ට අවශ්‍ය ආධාරක උපකරණ ලබාදීම වෙනුවෙන් මෙම මුදල අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ වෙන් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 40 ඉක්මවූ දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් 22,500 දෙනෙකුට 2026 වර්ෂය තුළ නොමිලේ අක්ෂි පරීක්ෂණ සිදු කර ඇස් කණ්ණාඩි ලබාදීමට ද කටයුතු යොදා තිබේ. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයයි.
මීට අමතරව, වයස අවුරුදු 18ට අඩු දෘශ්‍යාබාධ සහිත දරුවන්ට ඇස් කණ්ණාඩි මිලදී ගැනීම සඳහා එක් දරුවෙකුට රුපියල් 50,000 බැගින් මූල්‍යාධාර ලබාදීමට ද සැලසුම් කර ඇත.



