
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට – Brent, WTI සහ Murban නවතම මිල ගණන් මෙන්න
ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිල නැවතත් පහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100ට අඩු මට්ටමකට පහළ ගොස් ඇති බවයි.
ඉරානය හා අමෙරිකාව අතර නැවත සාකච්ඡා ආරම්භ විය හැකි බවට පළවූ වාර්තා මෙම මිල පහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ.
ඒ අනුව, Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 3.8කින් පහළ ගොස් ඩොලර් 95.54ක් ලෙස සටහන් වී ඇත. එසේම WTI වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 92.85ක් දක්වා පහළ ගොස් ඇති බවද සඳහන් වේ.
මේ අතර Murban වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 100.80 දක්වා අඩුවී ඇත.
ශ්‍රී ලංකාව සඳහා Murban බොරතෙල් විශේෂ වැදගත්කමක් දරන්නේ පසුගිය කාලය තුළ එය වැඩි වශයෙන් ආනයනය කර ඇති නිසාය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි නිෂ්පාදනය වන මෙම බොරතෙල් වර්ගය සැහැල්ලු, පිරිසිදු සහ අඩු සල්ෆර් අන්තර්ගතයකින් යුක්ත වන බැවින් පිරිපහදුවට පහසු වීමත් එහි විශේෂත්වයකි.



