උණුසුම් පුවත්

මෙරට ප්‍රථම සජීවීකරණ කාටූන් චිත්‍රපටයේ නිර්මාණකරු ගිවන්ත අර්ථසාද් දැයෙන් සමුගනී

ශ්‍රී ලංකාවේ සජීවීකරණ සහ දෘශ්‍ය ප්‍රයෝග ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන ප්‍රවීණ කලාකරුවෙකු සහ සිනමා තාක්ෂණවේදියෙකු වූ ගිවන්ත අර්ථසාද් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 73 වැනි වියෙහි පසුවූ ඒ මහතා පානදුර මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන් වේ.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් මහතාගේ සහෝදරයෙකු වන ගිවන්ත අර්ථසාද් මහතා, ශ්‍රී ලාංකේය සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයේ සජීවීකරණ මෙන්ම විශේෂ දෘශ්‍ය ප්‍රයෝග ක්ෂේත්‍රයන්හි වැදගත් මෙහෙවරක් සිදු කළ කලාකරුවෙකු ලෙස සැලකේ.

1979 වසරේදී තිරගත වූ ‘දුටුගැමුණු’ චිත්‍රපටය නිර්මාණය කිරීම හරහා මෙරට සිනමාවට ප්‍රථම සජීවීකරණ කාටූන් චිත්‍රපටය දායාද කිරීමට ගිවන්ත අර්ථසාද් මහතා දායක වී තිබේ.

සජීවීකරණ ක්ෂේත්‍රයට පමණක් සීමා නොවූ ඒ මහතා චිත්‍ර කලාව, කැමරාකරණය, වේශ නිරූපණය, කලා අධ්‍යක්ෂණය සහ සිනමා ව්‍යාකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසක සිය නිර්මාණශීලී දායකත්වය ලබාදී ඇත.

සිනමා තාක්ෂණය සහ සිනමා භාෂාව පිළිබඳ වැදගත් කෘතියක් ලෙස සැලකෙන ‘සිනමා – මායා’ ග්‍රන්ථය රචනා කර ඇත්තේද ගිවන්ත අර්ථසාද් මහතා විසිනි.

එමෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද ඒ මහතා කෙටි කාලයක් සේවය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button