
හෝමාගම පොලිස් භාරයේ සැකකරු මියයෑම ගැන ඥාතීන්ගෙන් පැමිණිල්ලක්
හෝමාගම පොලිස් භාරයේ සැකකරු මියයෑම සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය අත්අඩංගුවට ගත් ඉෂාර හර්ෂ කුමාර නමැති 29 හැවිරිදි පුද්ගලයා පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී මියගොස් ඇති අතර, ඔහුගේ මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට එල්ල වන චෝදනා පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඥාතීන් ඉල්ලා සිටිති.
හෝමාගම පොලිස් භාරයේ සැකකරු මියයෑම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බිරිඳ ඉල්ලයි
මියගිය පුද්ගලයාගේ බිරිඳ සඳහන් කර ඇත්තේ සිය සැමියාගේ මරණයට වගකිව යුතු බවට චෝදනා එල්ල වන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.
එම නිලධාරීන් සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බවද ඇය පෙන්වා දී තිබේ. ඒ අනුව, අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගෙන සුදුසු දඬුවම් ලබාදීමට කටයුතු කරන ලෙසද ඇය ඉල්ලා ඇත.
කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඉෂාර හර්ෂ කුමාර මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී පොලිස් පහරදීමකට ලක්වූ බවට ඔහුගේ ඥාතීන් මීට පෙර චෝදනා කර තිබුණි.
පසුගිය 25 වැනිදා වාර්තා වූ මෙම සිදුවීමෙන් පසු, ඥාතීන්ගේ ඉල්ලීම මත ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබූ අතර, එහිදී ඔහු මියගොස් තිබේ.



