ප්‍රධාන පුවත්

උඩරට දුම්රිය ධාවනය අද පස්වරුවේ යළි ඇරඹේ

උඩරට දුම්රිය ධාවනය අද (05) පස්වරුවේ යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

රඹුක්කන සහ පේරාදෙණිය අතර දුම්රිය මාර්ගයට පස් හා ගල් කඩා වැටීම හේතුවෙන් එම කොටසේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.

අද අලුයම කඩිගමුව සහ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතරදී පේරාදෙණියේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් මතට පස් කන්දක් සහ ගල් කඩා වැටීමෙන් එය පීලි පැනීමට ලක්ව තිබුණි.

ඒ හේතුවෙන් රඹුක්කන සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය නතර කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මේ වනවිට එම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බැවින්, අද පස්වරුවේ සිට දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව පස්වරු 4.35ට කොළඹ කොටුවේ සිට ගම්පොළ බලාත්, පස්වරු 5.15ට කොළඹ කොටුවේ සිට පේරාදෙණිය බලාත් ධාවනය වන දුම්රිය නියමිත වේලාවට ධාවනය කිරීමට සැලසුම් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button