
උණුසුම් පුවත්
හෝමාගම පොලිස් අපරාධ අංශ ස්ථානාධිපති අත්අඩංගුවට
හෝමාගම පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් භාරයේ සිටි තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාළව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
හෝමාගම පොලිස් අපරාධ අංශ ස්ථානාධිපති අත්අඩංගුවට ගැනීමත් සමඟ නිලධාරීන් තිදෙනෙකුගේ සේවය අත්හිටුවයි
මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබේ. අත්අඩංගුවට ගත් අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ද එම නිලධාරීන් තිදෙනා අතරට අයත් වේ.



