
හිටපු පොලිස්පති පූජිත්ගෙන් අභියාචනයක්
පූජිත්ගෙන් අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රොෂාන් දෙහිවල මහතා පවසයි.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පූජිත් ජයසුන්දර මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥවරයා සඳහන් කළේ, ඉදිරි සතියේදී අදාළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කිරීමට නියමිත බවයි.
මරණ දඬුවම නියම කළ දිනයේ සිට දින 28ක් ඇතුළත අභියාචනය ගොනු කළ යුතු බැවින්, ඒ සඳහා අවශ්‍ය සියලු නීතිමය පියවර කඩිනමින් ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.
එහිදී මාධ්‍යවේදීන් හිටපු පොලිස්පතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කළ විමසීමකට පිළිතුරු දෙමින් නීතිඥ රොෂාන් දෙහිවල මහතා සඳහන් කළේ, පූජිත් ජයසුන්දර මහතා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම, රාජකාරිය පැහැරහැරීම සහ මිනීමැරීමට අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මරණ දඬුවම නියම කළේ, ඔවුන්ට එරෙහිව ගොනු කර තිබූ චෝදනා 855න් චෝදනා 854කට වරදකරුවන් බව තීරණය කිරීමෙන් අනතුරුවය.



