
උණුසුම් පුවත්
දූෂණ චෝදනා යටතේ රාජිත සේනාරත්නට එරෙහිව අධි චෝදනා ගොනු කරයි
රාජිත සේනාරත්නට එරෙහිව අධි චෝදනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබේ.
හිටපු ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීමේදී රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇත.
ඒ අනුව අදාළ දූෂණ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ඉදිරිපත් කර තිබේ.



