
උණුසුම් පුවත්
හිටපු ක්‍රිකට් සභාපති අස්වීමේ ලිපිය භාරදෙයි– නිලධාරී මණ්ඩලයත් සමඟ ධුරයෙන් ඉවතට
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව වාර්තා වේ.
අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම තනතුරෙන් ඉවත්වීමට නියමිතය.
එමෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයින් ද සිය ඉල්ලා අස්වීම් භාර දී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
මෙම තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාට ද නිල වශයෙන් දැනුම් දී ඇති බව සඳහන් වේ.



