
උණුසුම් පුවත්
ජගත් පුෂ්පකුමාරට ඇප හිමිවෙයි
ජගත් පුෂ්පකුමාරට ඇප හිමිව ඇත්තේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.
හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.
ප්‍රධාන දූෂණ චෝදනා තුනක් සම්බන්ධයෙන් ජගත් පුෂ්පකුමාර මහතා අද (08) පෙරවරුවේ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අදාළ චෝදනා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.



