ප්‍රධාන පුවත්

ජල හිඟ මුදල් සඳහා සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

ජල සැපයුම් විසන්ධි කිරීමේ සතිය ලෙස 2026 ජූලි 13 සිට 19 දක්වා කාලය ප්‍රකාශයට පත් කරමින් හිඟ ජල බිල්පත් අයකර ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.

මෙම වැඩසටහන යටතේ ජල බිල්පත්වල පවතින හිඟ මුදල් නියමිත කාලය තුළ නොගෙවූ පාරිභෝගිකයන්ගේ ජල සැපයුම් විසන්ධි කිරීමට කටයුතු කරන බව මණ්ඩලය සඳහන් කරයි.

මෙම විශේෂ මෙහෙයුම ප්‍රධාන වශයෙන් කොළඹ 01 සිට කොළඹ 15 දක්වා සියලු ප්‍රදේශ, මහරගම කලාපය සහ කෝට්ටේ කලාපය ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව ජල සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා හිඟ බිල්පත් 2026 ජූලි 13 වනදාට පෙර ගෙවා අවසන් කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

නියමිත දිනට පෙර ගෙවීම් සිදු කිරීමෙන් ජල සැපයුම් විසන්ධි වීම හේතුවෙන් ඇතිවිය හැකි අපහසුතා වළක්වා ගත හැකි බවද මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button