
විද්‍යුත් මෝටර් රථ සඳහා කොළ පාට අංක තහඩු
මෙරට ලියාපදිංචි කර ඇති සියලුම විද්‍යුත් මෝටර් රථ හඳුනාගැනීම සඳහා කොළ පාට පසුබිමක් සහිත නව අංක තහඩු නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මේ වනවිට කොළ පාට පසුබිම සහිත අංක තහඩු 8,000කට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කර ඇති බවයි.
ප්‍රවාහන අමාත්‍යාංශයේ තීරණයක්
ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ගනු ලැබූ තීරණයකට අනුව විද්‍යුත් මෝටර් රථ සඳහා මෙම විශේෂ අංක තහඩු හඳුන්වාදීමට කටයුතු කර ඇති බවද තුෂාර ප්‍රනාන්දු මහතා පැවසීය.
අදාළ තීරණය ගැසට් කිරීම සඳහා මේ වනවිටත් යොමු කර තිබෙන බව ඔහු සඳහන් කළේය.
පොලීසිය දැනුවත් කිරීමට පියවර
කොළ පාට පසුබිම සහිත අංක තහඩු නීත්‍යානුකූලව වලංගු වන බවට සියලු පොලිස් ස්ථාන දැනුවත් කරන ලෙස පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.



