
නාමල් රාජපක්ෂට නිවසින් ආහාර ලබාගැනීමට අවසර
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට නිවසින් ආහාර ලබාගැනීම සඳහා අවසර හිමිව තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේ නාමල් රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම අවසරය ලබාදී ඇති බවයි.
එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ්
එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත් බවට සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සිකුරාදා නියෝග කළේය.
ඒ අනුව ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින වාට්ටුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
දිනකට තිදෙනෙකුට බැලීමට අවසර
මේ අතර නාමල් රාජපක්ෂ මහතා බැලීම සඳහා දිනකට පුද්ගලයින් තිදෙනෙකුට අවසර ලබාදී ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අද (07) පෙරවරුවේ නාමල් රාජපක්ෂ මහතාගේ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැලිකඩ බන්ධනාගාරයට පැමිණ ඔහුගේ සුවදුක් විමසා තිබේ.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාද අද පෙරවරුවේ නාමල් රාජපක්ෂ මහතා බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට පැමිණ තිබුණි.



