
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියා අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු (විශ්‍රාමික) ප්‍රධාන නීති නිලධාරියෙකු අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසිනි.
කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් මත ආරම්භ කළ විමර්ශනයකදී, මෙම පුද්ගලයා නීති නිලධාරියෙකු ලෙස කටයුතු කළ කාලයේ ගොඩනැගිල්ලක් සෞඛ්‍ය අමාත්‍යංශයට බදු පදනම යටතේ ලබාදී ඇති බව අනාවරණය වී ඇත.
ඊට පසුව, එම ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම් කාලය දිගු කිරීම සඳහා ගිවිසුම් තුනක් සකස් කිරීම වෙනුවෙන් ගාස්තු ලෙස රුපියල් 4,134,887ක මුදලක් ඉල්ලා ඇති අතර, එයින් රුපියල් 2,000,000ක මුදලක් ලබාගෙන තිබේ. ඉතිරි මුදල ලබාදෙන ලෙසද ඔහු විසින් ඉල්ලීම් කර ඇති බව සඳහන් වේ.
එම මුදලින් කොටසක් ලෙස රුපියල් ලක්ෂ 5ක චෙක්පතක් අදාළ සමාගමේ මහජන බැංකු ගිණුමකින් මුදල් කරගෙන ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත. ඒ අනුව, තුටු පඬුරු ඉල්ලීම හා භාරගැනීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (21) පස්වරු 3.45ට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී මැයි 5 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.



