
“ආලෝකා – The Peace Dog” ශ්‍රී ලංකා සංචාරය ආරම්භයි: සාම පාගමනට විශේෂ සූදානම්
“ආලෝකා – The Peace Dog” හෙවත් සාමයේ සුරතලා, පඥාකර ස්වාමින් වහන්සේ සමඟ අප්‍රේල් 21 වැනිදා අළුයම 5.30ට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ලෝකයේ විශාල අවධානයක් දිනාගත් මෙම සුරතලාගේ ආරක්ෂාව, සෞඛ්‍යය සහ සුබසාධනය සඳහා විශේෂ ක්‍රියාමාර්ග රැසක් සකස් කර ඇත.
මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය සහ දිවයින පුරා පවතින පෞද්ගලික සත්ව රෝහල් සමඟ එකමුතුව කටයුතු කරයි.
ගුවන් තොටුපළෙන් ආරම්භ වන ගමන් මාර්ගය අත්තනගල්ල සහ කුරුණෑගල හරහා අනුරාධපුරයට ළඟා වන අතර, සාම පාගමනේ ආරම්භය දඹුල්ලෙන් සිදු කෙරේ. එහි පසුව ගමන මාතලේ, මහනුවර, මාවනැල්ල, කෑගල්ල, තෝලංගමුව, නිට්ටඹුව, යක්කල, කැලණිය සහ පෑළියගොඩ හරහා කොළඹ දක්වා ඉදිරියට ගෙන යනු ඇත.
පාගමන පුරාම පැය 24ක් ක්‍රියාත්මක වන ගිලන්රථ සේවාවක්, පශු වෛද්‍යවරුන් සහ සහායක කාර්ය මණ්ඩලයක් සූදානම් කර ඇති අතර, වත්මන් උෂ්ණත්ව තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සුරතලාගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා විශේෂ සැලැස්මක් ද ක්‍රියාත්මක කර ඇත.
මෙම සුරතලාගේ සම්පූර්ණ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ වගකීම් අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙත පැවරී ඇති අතර, ඒවා එකමුතුව ක්‍රියාත්මක වෙමින් ඉහළම මට්ටමේ සේවාවක් ලබාදීමට සූදානම් වී ඇත.
සාමයේ සංකේතයක් ලෙස හැඳින්වෙන “ආලෝකා”ගේ මෙම පාගමනට මහජන සහයෝගය ඉතා වැදගත් වන අතර, එයට එක්වීමට සියලු දෙනාට ආරාධනා කරයි.



