ප්‍රධාන පුවත්

ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධුරය ගැන පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණ අවසරය

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර ඇති අතර, එය සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය නිකුත් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

පෙත්සමේ සඳහන් වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමෙන් පසුව ආනන්ද විජේපාල මහතා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ද කටයුතු කරන බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ඔහුට මන්ත්‍රී ධුරය දැරීම සඳහා සුදුසුකමක් නොමැති බවයි.

ඒ අනුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අදාළ අභියාචනා පෙත්සම ගොනුකර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button