උණුසුම් පුවත්

සුරේෂ් සලේ හදිසියේ ජාතික රෝහලට

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අද පස්වරුවේ ඔහු හදිසි ප්‍රතිකාර සඳහා රෝහලට රැගෙනවිත් ඇති බවයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සලේ මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවෙයි.

තමන්ට අමානුෂික ලෙස වදහිංසා සිදුකරන බව පවසමින් ඔහු පසුගිය දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී ආහාර වර්ජනයක් සහ උපවාසයක් ආරම්භ කර තිබූ බවද වාර්තා වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button