ප්‍රධාන පුවත්

සැප්තැම්බර් තෙක් විදුලි බිල වැඩි නොවේ

සැප්තැම්බර් මාසය දක්වා විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කිරීමට රජය බලාපොරොත්තු නොවන බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අවසන් වරට සිදුකළ විදුලි ගාස්තු සංශෝධනයේ සෘජු බලපෑම ඒකක 180ට වැඩියෙන් විදුලිය භාවිත කරන පාරිභෝගිකයින්ට පමණක් එල්ල වන බවද ඔහු පැවසීය.

එසේම අනෙකුත් පාරිභෝගිකයින් සඳහා රුපියල් බිලියන 15ක සහනාධාරයක් රජය විසින් ලබාදී ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

“ඔබතුමා විශේෂයෙන් අහන්නේ, ඩොලරයේ ඉහළයාමත් විශේෂයෙන් මැදපෙරදිග අර්බුදයත් සමඟ ඇති වුණ තත්ත්වය තුළ තවදුරටත් විදුලිබිල ඉහළ යයි ද කියන එක. නමුත් අපි ඉතා පැහැදිලිව සඳහන් කළා, මේ මිල ඉහළ යනකොට මේකේ ඍජු බලපෑම තියෙන්නේ, ඒකක 180ට වඩා වැඩියෙන් භාවිත කරන විදුලි පාරිභෝගිකයින්ට පමණයි. අනිත් අයගේ බර රජය විසින් බිලියන 15ක් NSO එකට දීලා ඒක දරාගෙන තියෙනවා. මට ඍජු පිළිතුරක් හැටියට කියන්න පුළුවන්. සැප්තැම්බර් මාසය වනතුරු විදුලිබිල ඉහළ දාන්න අපි මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button