අද විශේෂ

අද ලෝක ප්‍රවෘත්ති සහ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයයි

ලෝක ප්‍රවෘත්ති සහ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය අද (28) සමරනු ලබයි.

ඒ වෙනුවෙන් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී පැවැත්විණි.

සත්‍ය කරුණු මත පදනම් වූ මාධ්‍යකරණයේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙම දිනයේ ප්‍රධාන අරමුණකි. එමෙන්ම වගකීම් සහගත හා විශ්වාසනීය ජනමාධ්‍ය භාවිතයක අවශ්‍යතාවය අවධාරණය කිරීමද මෙහිදී සිදුකෙරේ.

කැනේඩියානු ජනමාධ්‍ය පදනම (CJF) සහ ලෝක කර්තෘවරුන්ගේ සංසදය (WEF) එක්ව 2018 වසරේදී ලෝක ප්‍රවෘත්ති දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

මෙවර ලෝක ප්‍රවෘත්ති දිනයේ තේමාව ලෙස නම් කර ඇත්තේ “කරුණු දැනගැනීම, ඒවායේ අදාළත්වය වටහා ගැනීම සහ විශ්වාසනීය ජනමාධ්‍යයක් තෝරාගැනීම” යන්නයි.

විශ්වාසදායක මාධ්‍ය කලාවක් ප්‍රවර්ධනය කිරීම, ජනතාවගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සහ මාධ්‍යවේදීන් දිරිගැන්වීම ලෝක ප්‍රවෘත්ති දිනය ස්ථාපිත කිරීමේ මූලික අරමුණු අතර වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button