
අධ්‍යාපන
සාමාන්‍ය පෙළ උපකාරක පන්ති 11 වැනිදා මැදියම් රැයෙන් තහනම්
එළැඹෙන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2025) හේතුවෙනි.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන 17 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,545ක පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවය.
ඒ අනුව එළැඹෙන 11 වැනිදා සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම, සම්මන්ත්රණ, වැඩමුළු පැවැත්වීම ඇතුළු ඒ සම්බන්ධ සියලු සේවාවන් තහනම් වන බව අධ්‍යාපන විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.



