උණුසුම් පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් යළි ආරම්භයි

පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, ජාතික හැඳුනුම්පත් (NIC) නිකුත් කිරීමේ එක්දින සේවය ඇතුළු සියලු සේවාවන් අද (24) පෙරවරු 11.00 සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

ඊයේ (23) දින සිදු වූ පද්ධති දෝෂය හේතුවෙන් මහජන සේවාවන් සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවී තිබූ අතර, අද දින උදෑසන සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණි ජනතාව විශාල සංඛ්‍යාවක් එම පරිශ්‍රයේ රැඳී සිටියහ.

එම තත්ත්වය හේතුවෙන් කාලීනව කලබලකාරී පසුබිමක්ද නිර්මාණය වූ බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ වනවිට පද්ධති දෝෂය සාර්ථකව විසඳා ඇති අතර, සේවාවන් යළි සාමාන්‍ය තත්ත්වයට පත් කර ඇති බව ද අදාළ බලධාරීන් පැහැදිලි කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button